Life
සිරුරට ගුණ දෙන පලතුරු
සර්වාංග රෝග සඳහා ගුණ මිදි
මිහිරි රසයෙන් යුතු මිදි ඖෂධීය ගුණයෙන් යුතු වටිනා පලතුරකි. මිදිවර්ග
තුනක් වශයෙන් දැක ගැනීමට හැකිවේ. ඉන් එක් වර්ගයක් යාපනයේ හා දකුණේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැවෙන ගෙඩි රවුම් ලා කොලපාට වර්ගයයි.
මහඉලුක්පල්ලමේ වැවෙන මිදි රතු හා දම්පාටට හුරු රවුම් ගෙඩි විශේෂයකි. වෙළෙඳ
පොළේ මිදිවලට හිමිවනුයේ ඉහළ මිලකි. වියළි කලාපයට ආවේණික වූ වගාවක් ලෙසට
හඳුන්වාලිය හැකිය. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට නම් ආයුර්වේද ඉතිහාසය හා සසඳා
බැලීමේදී මෙම රස ගුණ පිරි මිදි සර්වාංග රෝග මර්දනය කිරීම සඳහා බෙහෙත් වර්ග
අරිෂ්ඨ ආශව කෂාය පිළියෙල කිරීමේදී යොදාගනු ලබන බව නොරහසකි. එම නිසා මිදි
පලතුර අතීතයේ සිටම ලංකා පොළවේ වගා කර තිබෙන්නෙට පුළුවන. වර්තමානයේ අතිවිශාල
ලෙස විදේශ රටවලින් මිදි මෙරටට ආනයනය කළද ලංකාවේ වර්තමානයේ වවන මිදි
වෙළෙඳපොළට එකතුවනු ලැබේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට නැඹුරුව
බැලීමේදී ද්‍රව්‍ය ගුණ විමසුමට අනුව තද සෙම පවතින ශ්වාසකාශ රෝගීන්ට සහ හෘද
රෝගීන්ට ඉතා ගුණ දෙන එම රෝග සමනය කරන ඔසුවක් බවට මිදි යුෂ ඉවහල් වේ.
සංස්කෘත භාෂාවෙන් ද්‍රdක්ෂා නමින් මිදි හඳුන්වනු ලැබේ.
මුද්රිතඵල - ගෝසථනී - මධුයෝනි - සාදුපල - ද්‍රdක්ෂා - මිදි - මුද්රිතයසකී යනුවෙන් සංස්කෘත භාෂාවෙන් ව්‍යවහාර වෙති.
ආයුර්වේද ඉතිහාසයට අනුව ඈත අතීතයේ සිටම ලංකා භූමියේ මිදි පලතුර වගාකර ඇති බවට සාධක තිබේ.
රඹුටන්
මිහිරි
පැණි රසයෙන් යුතු හැම දෙනාම කෑමට රුචි උපදවන පලතුරක් ලෙස රඹුටන්
හඳුන්වාලිය හැකිය. දේශීය පලතුරු අතරට ගැනෙන රඹුටන් වසරකට එක්වරක් පමණක්
ඵලහටගනු ලැබේ. රඹුටන් අස්වනු නෙළාගැනීමට හැකිවනුයේ ජුලි මාසයේදී සහ
අගෝස්තු මාසයේදී යන මාස දෙක තුළය. මෙය වවුලන්ගෙන් සහ ලේනුන්ගෙන් ප්‍රවේශම්
කර ගැනීමට සිදුවේ. වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තිබේ. අපේ රටේ රඹුටන් සඳහා
සුවිශේෂී වූ නමක් හිමිවී පවතිනුයේ මල්වාන ප්‍රදේශයටය. මල්වානේ පැණි රඹුටන්
යන වචන මාලාව වෙළෙඳුන්ගේ කටින් නික්මවනු රඹුටන් සමයේ නගර වලින් ඇසිය
හැකිය. මස් රඹුටන් හා ඇට රඹුටන් වශයෙන් දේශීය රඹුටන් දෙවර්ගයක් ලෙස පවතී.
අපේ රටට ආවේණික වූ රඹුටන් ගෙඩිය කුඩාය. එමෙන්ම ප්‍රණීත රසයෙන් ඉහළය. ඒ
අතරට ඇඹුල් රසයෙන් යුතුව ඇට රඹුටන් දැකිය හැකිය. මෙම වර්ග දෙකම කුඩාය. කොළඹ
ගම්පහ කළුතර , මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කවල රඹුටන්
වගාව දැකගත හැකිය.
වර්තමානයේ අපේ රටට ආවේණික වූ දේශීය රඹුටන්වලට වඩා
ඇත්තේ පිටරටින් ගෙන්වා මෙහි බෝ කරන ලද බද්ධකළ රඹුටන් වර්ගයි. ඒවා සියල්ලම
මස් රඹුටන්ය. පැණි රසින්ද යුතුවේ. බද්ධකළ රඹුටන් වර්ග වල ගස් පඳුරු ලෙස
වැඩේ. අතීතයේ සිට අපේ රටේ අපේම ආවේණික ගස් විශාලව වැඩෙති. අඩි 30 - 40
තරම් උසට වැඩෙති. මෙහි පවතින ගුණය ඌෂ්ණ ගුණයයි.
හෘදයාබාධ අයට විශේෂ ගුණදෙන වැල්දොඩම්
පැෂන්
µDට්, වැල්දොඩම් ලංකා භූමියේ සෑම ප්‍රදේශයකම වැවෙන වැල්දොඩම් වැල ඉතා
සරුවට වැඩෙන අතර අවුරුද්ද මුළුල්ලේම ඵල හට ගනී. මෙහි වර්ග දෙකක් ඇත. එක්
වර්ගයක් පොඩි රවුම් කහපාට වර්ගයයි. අනෙක් වර්ගය ලොකුගෙඩි හට ගන්නා රක්ත
වර්ණයෙන් යුතු වර්ගයයි. එහෙත් මෙහි වෙනසක් නොමැත. ගුණයෙන් එක හා සමානය. එක
වැලක ගෙඩි විශාල ප්‍රමාණයක් හටගන්නේ රතුපාට පැෂන් µDට් වර්ගයේය. කහපාට
වර්ගයේ ඵලදාව අඩුය.
වැල්දොඩම් බීමක් වශයෙන් කා අතරත් ඉතා
ජනප්‍රියය. පලතුරු බීම වෙළෙඳසල්වල මෙම බීම බඳුනක් රුපියල් සියයකට පමණ
අලෙවි වේ. මෙම වැල්දොඩම්වල ගුණාත්මක භාවය වන්නේ හෘදයාබාධ වලට විශේෂ ගුණදෙන
ඔසුවකි. වෙළෙඳ පොළේද විශේෂිත මිලක් පවතී. වැල්දොඩම්වල ඉල්ලුමද ඉතා ඉහළය.
මෙම
වැලේ කොළද මැල්ලුම් ලෙස පිළියෙල කර අනුභවයට ගනිති. මෙම වගාව බහුලව දැකගත
හැකිවනුයේ හම්බන්තොට දිස්ත්රික්කයේය. අතීතයේ මෙම වැල්දොඩම් වැල කැලේ ඉබේ
හටගෙන ගස්වල එතී ගස්වසා ගන්නා වැල් විශේෂයකි. ගෙඩි ඉදුණු පසු
කුරුල්ලන්ගේද ආහාරයක් බවට පත්වේ.
බිලිං (රට නෙල්ලි)
ඌෂ්ණ
ගතියත් ඇඹුල් ගතියත් වැඩි ගෙඩි ශරීරයට එතරම් හිතකර නොවේ. ගම්බද බිම්බිරි
වශයෙන්ද මෙය භාවිතයේ පවතී. ඇතැමුන් මෙයට ප්‍රිය කරති. තවත් සමහරු අප්‍රිය
කරති. ගමේ ගැමිගෙදර හැලියේ තැම්බෙන කොස් ටික අනුභව කිරීම උදෙසා හදන
පොල්මැල්ලුමට මෙම බිලිං ගෙඩි කීපයක් මුසුකරනු ලැබේ. වෙළෙඳපොළේද මෙය
සාමාන්‍ය වශයෙන් විකිණෙනු ලැබේ.
මෙම ගසේ මුලසිට අග දක්වා ගසේ කඳ
වසාගෙන ගෙඩි පොකුරු ලෙස හටගෙන තිබෙනු දැකිය හැකිය. මෙය බිලිං නෙල්ලි, රට
නෙල්ලි වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම බිලිං ගසේ කොළ අතීත ගැමියන් කෙසෙල් කැන්
ඉදවීම සඳහා භාවිතයට ගනු ලැබීය. ගෝනිය ඇතුළට රිංගවූ කෙසෙල් කැන වැසෙන්නට
බිලිං කොල අතු පුරවා ගෝනියේ කට වසා බැඳ තැබීමෙන් පසු දින හතරක් ගියපසු
ලස්සනට කෙසෙල් කැන ඉදී තිබෙනු දැකීමට හැකිවන්නේය. මෙම බිලිං නෙල්ලි, රට
නෙල්ලි ලංකාවේ පලතුරු නාමාවලියට ඇතුළත් නොවනු ඇත. විදේශීය ශාකයක් බව
පැහැදිලිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks